ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත පිරිස ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් එහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කළ අතර, සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද පැහැදිලි කෙරිණ
විශේෂයෙන් ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීතිරීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
මේ අතර ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක පියවර පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඉරාන තානාපතිවරයාව දැනුවත් කර තිබේ.