ජන සංගණනයේ තොරතුරුවල රහස්‍යභාවය සුරකින බවට සහතිකයක්
2024-10-25 15:04:00
Share with:

ජන හා නිවාස සංගණනයේ දී ජනතාව සපයන පෞද්ගලික තෝරතුරුවල රහස්‍යභාවය සම්පූර්ණයෙන් සුරකින බවත් එහි දී නිවැරදි තොරතුරු සැපයීමට ජනතාව නීතියෙන් බැඳී සිටින බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජන හා නිවාස සංගණනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේ දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ සෙනෙවිරත්න මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

මෙවර සංගණනයේ තෙවැනි අදියර යටතේ පුද්ගල හා නිවාස පිළිබඳ තොරතුරු රැස්කිරීම මේ වන විට සිදු කෙරේ.

ඉතිහාසයේ පළමු වරට මෙවර සංගණනය සඳහා නව තාක්ෂණය භාවිත කර ඇති බව ද ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම