වර්තමාන අවිනිශ්චිත ගෝලීය පරිසරය හමුවේ ලෝකයේ රටවල් සාමුහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇත. නමුත් ගෝලීය සාමය සහ සංවර්ධනය ස්ථාපිත කිරීමට එවැනි පොදු යාන්ත්‍රණයක් සක්‍රිය ලෙස ක්‍රියාත්මක කිරීම අභියෝගයකි. මෙවැනි වාතාවරණයක් තුළ බ්‍රික්ස් සංවිධානයේ සහයෝගීතාව වඩා වැදගත් වන අතර මෙවර බ්‍රික්ස් සමුළුව පිළිබඳ විමසා බැලිම ද වඩා වැදගත් වනු ඇත. රුසියාවේ Kazan නගරයේ පැවති මෙවර බ්‍රික්ස් නායක සමුළුව ප්‍රධාන සාමාජික රටවල නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එහිදී එළඹ ඇති තීරණ පිළිබඳ සාකච්ඡා කිරීමේ දී තවදුරටත් බ්‍රික්ස් සමූහය පුළුල් කිරීම, සාමාජික රටවල් සිය සබඳතා ශක්තිමත් කිරීම සහ චීනය ඉදිරිපත් කළ පස්වැදැරූම් සංකල්ප දෙස වැඩි අවධානයක් යොමු කළ යුතු බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නෙලංග ජයසිංහ මහතා පවසයි.
භූ දේශපාලනික වශයෙන් ලෝකයේ යුද ගැටුම් පවතින මෙවන් මොහොතක සියලු ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන සාමය ස්ථාපිත කිරීමට සහ පවතින මත ගැටුම් විසඳීම සඳහා යම් පොදු සංවාදයක් ඇති කර ගත යුතුව ඇත. බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවේ දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මේ සඳහා සාධනීය ප්‍රවේශයක් ඉදිරිපත් කර ඇත. ඒ සාමය සඳහා වූ බ්‍රික්ස් යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතු බවයි. නැඟී එන වෙළඳපොල සහ ගෝලීය දකුණේ රටවල් මෙවැනි සාමය සඳහා වූ ගමනක නිරත වන්නේ නම් එය අන් රටවලට ද අනුගමනය කිරීමට සිදු වනු ඇති බව ආචාර්ය නෙලංග ජයසිංහ මහතා පවසයි.
ගෝලීය සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා දෙන චීනය වැනි රටවල නායකයින් මෙවැනි ගෝලීය සංවාදයකට පිවිසීම කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. වර්තමානයේ තාක්ෂණයෙන් බැහැර වීමට කිසිදු රටකට අවකාශය නොමැති අතර පාරිසරික සුරක්ෂිත බව සහතික කිරීම ද ඒ සමග ම කළ යුතුව තිබේ. එහෙයින් නවීකරණය මෙන්ම හරිත සංවර්ධනය නව ගෝලීය ඉලක්කයන් ලෙස සැලකීම වැදගත් වේ. එවැනි ප්රවේශයන් සමග බ්‍රික්ස් ඉදිරියට ගෙන යාමේ වැදගත්කම චීනයේ මැදිහත්වීමෙන් මෙවර සමුළුවේදී තවදුරටත් සහතික කෙරිණ.
භෞතික සංවර්ධනයට අදාළව මෙම අරමුණු සාක්ෂාත් කර ගත්ත ද තිරසර ලෝකයක් වෙත ගමන් කිරීමට නම් යුක්තිය, සාධාරණත්වය මෙන්ම මානූෂීයත්වය මුල් කර ගත් ලෝක ක්‍රමයක් පවතී ද, එය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්න කෙරෙහි ලෝකයේ අවධානය යොමු විය යුතු ය. මේ පිළිබඳ ධනාත්මක පිවිසුමක් මෙන්ම ඉදිරි දැක්මක් බ්‍රික්ස් සමුළුවේ දී ඉදිරිපත් විය. ඒ ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ පස්වැදෑරුම් සංකල්ප යටතේ ය. ලෝකයේ හෙට දවසේ යහපත වෙනුවෙන් බ්‍රික්ස් නායකයින් එක්ව කටයුතු කරනවා සේම සමස්ත ගෝලීය නායකයන් මෙවැනි පොදු සංවාදයකට එක් වනු ඇතැයි යන්න සමස්ත පුරවැසි අපේක්ෂාව බව ආචාර්ය නෙලංග ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.