චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 16වන බ්‍රික්ස් නායක සමුළුව අමතා කළ දේශනය කාලෝචිත දේශනයක් බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපති වීරසුමන වීරසිංහ මහතා පවසයි. ලෝකය මේ මොහොතේ මුහුණ දෙන අර්බුදයන්ට පුළුල් ආකාරයේ විසඳුම් ඉදිරිපත් කළ දේශනයක් ලෙසට එය හැඳින්විය හැකිය. සාමකාමී බ්‍රික්ස් යාන්ත්‍රණයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර එය යුද ගිනිදැල් නැගෙමින් ඇති වත්මන් ලෝකයේ සාමය පිළිබඳ බලාපොරොත්තුව හා සාමයේ වටිනාකම ඉහළ නංවන්නක් බව හෙතෙම කියා සිටී. ආර්ථික දේශපාලන ඇතුළු සියලු පරිසරය නිර්මාණය විය යුත්තේ මිනිසුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වන සාමකාමී පරිසරයක් තුළය.සාමයෙන් තොර සංවර්ධනයක් හෝ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමක් පිළිබඳ සිතීමටවත් නොහැකිය. එබැවින් බ්‍රික්ස් වැනි බලපෑම් සහගත ලෝක සංවිධානයක් අමතමින් චීන ජනාධිපතිවරයා සාමය වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව මතු කිරීම වගකීම් සහගත රටක නායකයෙකු විසින් ලෝකය හමුවේ සිදු කළ කාලෝචිත ප්‍රකාශයක් ලෙසට තමන් දකින බවද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපතිවරයා කියා සිටී. සාමකාමී ලෝකයක් මෙන්ම ජීවත්වීමට සුදුසු පරිසරයක් ද අපට තිබිය යුතුය. චීන ජනාධිපතිවරයා සිය කථාවේදී හරිත සංකල්පය ඉස්මතු කරමින් පරිසරය වෙනුවෙන් බ්‍රික්ස් සංවිධානයේ කැපවීම පිළිබඳව දැක්වූ අදහස් ද පැසසුමට ලක්විය යුතු බව වීරසුමන වීරසිංහ මහතා කියා සිටී.
උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු බ්‍රික්ස් රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද මෙවර සමුළුවේදී ප්‍රකාශ කෙරිණ. එය ගෝලීය දකුණේ ප්‍රවර්ධනයට වැදගත් ප්‍රවේශයක් බව ද හෙතෙම සඳහන් කරයි.