සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරුයි - ජනපති
2024-10-25 15:00:45
Share with:

ලංකාවේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත්, අදාළ ප්‍ර‍දේශ සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ලෝකයේ යුද ගැටුමක් නිර්මාණය වී තිබේ. එහි අවධානම ශ්‍රී ලංකාවට ද දැනෙන බවත්, කිසිඳු සිවිල් පුද්ගලයෙකුට ආරක්ෂාව පිළිබඳව සිතීමට ඉඩක් නොතබා, අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඊයේ(24) පුත්තලමේ පැවති ජන හමුවක් අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම