ගෝතමාලා රජය පොදු එකඟත්වය මත අවබෝධයෙන් නිසි තේරීමක් සිදු කළ යුතු බව චීනය පවසයි.
චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා විදේශ කටයුතු ප්‍රධානි Lin Chia-lung ගෝතමාලාවේ සංචාරයක නිරත වෙමින් එරට ජනාධිපති Bernardo Arévalo හමු වනු ඇතැයි වාර්තා වෙයි. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ප්‍රතිචාර දක්වමින් මේ බව පැවසීය.
ලෝකයේ එකම චීනය ක්‍රියාත්මක බව ඔහු අවධාරණය කළේය. තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් වන අතර, චීන මහජන සමූහාණ්ඩු රජය චීනය නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජය බව Lin Jian මහතා පැවසීය.
ලොව පුරා රටවල් 183ක් චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ඇත. තායිවාන ප්‍රදේශයේ ඊනියා බලධාරීන්ගේ බෙදුම්වාදී කුමණ්ත්‍රණය චීනයේ එක්සත්භාවයට බාධා නොකරනු ඇතැයි ඉන් පැහැදිලි කෙරෙන බව ඔහු පෙන්වා දුන්නේය. ගෝතමාලා රජය හැකි ඉක්මණින් නිසි තේරීමක් සිදු කළ යුතු බව Lin Jian මහතා කියා සිටියේය.