සිම්බාබ්වේ රාජ්‍යයට එරෙහිව පනවා ඇති නීති විරෝධී සම්බාධක හැකි ඉක්මනින් ඉවත් කරන ලෙස චීනය රටවල් හා සංවිධාන කිහිපයකින් ඉල්ලා සිටී.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
අද දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාව විසින් නියම කරන ලද "සම්බාධක විරෝධී දිනය"යි. සිම්බාබ්වේ ජනරජය එම දිනය නියම කිරීමේ 5වැනි සංවත්වර සැමරුම් ක්‍රියාකාරකමක් පවත්වා තම රටට එරෙහිව පනවා ඇති නීති විරෝධී සම්බාධක හැකි ඉක්මනින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටී.
ඒ සම්බන්ධයෙන් Lin Jian මහතා පැවසුවේ, සිම්බාබ්වේ පවත්වන ලද එම ක්‍රියාකාරකමට චීනය සහාය දක්වන බවයි. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සිම්බාබ්වේ රාජ්‍යයට එරෙහිව වසර 20කට වැඩි කාලයක සිට නීති විරෝධී සම්බාධක පනවා ඇත. එය සිම්බාබ්වේ ජාතික ස්වෛරීභාවය දැඩිව උල්ලංඝනය කිරීමක් වන අතර එරට ජනතාවගේ සංවර්ධන අයිතියට හානිකර බව හෙතෙම පෙන්වා දී තිබේ. සිම්බාබ්වේ කෙරෙහි බාහිර මැදිහත්වීම්වලට විරුද්ධ වී ස්වයං සංවර්ධන මාවතක් ඔස්සේ ඉදිරියට වර්ධනය වීමට චීනය සැමවිට ම ස්ථීරව අනුබලයක් දෙන බව ද Lin Jian මහතා සඳහන් කළේය.