"බ්‍රික්ස්+" සමුළුවේ දී චීන ජනපතිගේ දේශනයට ජාත්‍යන්තරයෙන් ධනාත්මක ප්‍රතිචාර
2024-10-25 20:04:23
Share with:

"ගෝලීය දකුණ" යනු වත්මන් ජාත්‍යන්තර සබඳතාවල ජනප්‍රිය වචනයකි. ඒ නැගී එන වෙළඳපල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල එකතුවයි. ලෝකයේ සියවසක වෙනස්කම් හමුවේ, බ්‍රික්ස් සහයෝගීතා යාන්ත්‍රණය, "ගෝලීය දකුණ" සංවර්ධනයට නායකත්වය දෙන්නේ කෙසේද සහ ජාත්‍යන්තර පටිපාටියේ පරිවර්තනය ප්‍රධාන බලවේගයක් ලෙස සේවය කරන්නේ කෙසේද යන්න පිළිබඳව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(24) "බ්‍රික්ස්+" නායකයින්ගේ සමුළුවේදී වැදගත් දේශනයක් පැවැත්වීය. ඔහු එහිදී "සාමය" "සංවර්ධනය" සහ "ශිෂ්ටාචාරය" යන වචන ප්‍රධාන ලෙස භාවිත කරමින් ඒ පිළිබඳව ගැඹුරින් පැහැදිලි කළේය. චීනය සැමවිටම "ගෝලීය දකුණ" සම්බන්ධයෙන් සැලකිලිමත් වන අතර "ගෝලීය දකුණ" තුළ මුල් බැස ඇති බව මෙයින් නැවත වරක් පෙන්නුම් කරයි.

ජනාධිපති ෂී ජින් පිං මහතාගේ දේශනයේදී යෝජනා තුනක් ඉදිරිපත් කළේය. සාමය තහවුරු ‍කොට පොදු සුරක්ෂිතතාවය සාක්ෂාත් කරගැනීම, සංවර්ධනය පුනර්ජීවනය කොට විශ්වීය සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සහ ශිෂ්ටාචාරය පොදුවේ ප්‍රවර්ධනය කොට විවිධත්වයෙන් යුත් සහජීවනය ලබා ගැනීම ඊට ඇතුළත්ය. ඒ සමඟම හෙතෙම එහිදී ගෝලීය ආරක්ෂක මුලපිරුම, ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ක්‍රියාත්මක කිරීම පිළිබඳව හඳුන්වා දී තිබේ. "ගෝලීය දකුණ" සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා චීනය විධිවිධාන මාලාවක් ක්‍රියාත්මක කරනු ඇතැයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.එය ජගත් ප්‍රජාවේ පැසසුමට ලක් ව තිබේ.

"ජනාධිපති ෂී ජින් පිං මහතාගේ යෝජනා තුන බ්‍රික්ස් රටවල සහ "ගෝලීය දකුණේ" පොදු අපේක්ෂාවන්ට අනුකූල වේ" "චීනය ගෝලීය දකුණේ රටවලට දැවැන්ත සංවර්ධන ආධාර ලබා දී ඇත"  "චීනයේ නායකත්වය යටතේ, බ්‍රික්ස් රටවල් බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ස්ථීර බලවේගයක් බවට පත් වනු ඇත" වැනි බොහෝ කරුණු පෙන්වා දෙමින් ජාත්‍යන්තර මහජන මතයන් ධනාත්මකව තම අදහස් දක්වා තිබේ.

නවීකරණයේ ප්‍රතිඵල සෑම රටකටම සහ සෑම පුද්ගලයෙකුටම ප්‍රයෝජනවත් වේවා යැයි චීනය අපේක්ෂා කරන අතර එය" ගෝලීය දකුණේ" එකමුතුකම සහ සහයෝගීතාවයේ කේන්ද්‍රීය අරමුණ ද වේ.

 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම