2024 වසරේ දී චීනයේ ධාන්‍ය අස්වැන්න ප්‍රථම වරට ටොන් කෝටි 70ක් ඉක්මවනු ඇතැයි තක්සේරු කෙරේ
2024-10-25 14:29:34
Share with:

මෙම වසරේ රටේ ගිම්හාන සමයේ ධාන්‍ය අස්වනු හා පෙර වසන්ත සමයේ වගා කරන ලද වී අස්වනු නෙලීම අවසන් වූ බව චීන රාජ්‍ය මණ්ඩල පුවත් කාර්යාලය අද(25) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

මෙවර ගිම්හාන සමයේ ධාන්‍ය අස්වැන්න ටොන් කෝටි 15ක් වන අතර එය පසුගිය වසරේ එම කාල සීමාව තුළ ලැබූ අස්වැන්නට වඩා ටොන් මිලියන 3.63ක වැඩිවීමකි. එය ගතවූ වසර නවය තුළ ලද ඉහළම  වැඩිවීමයි.

පෙර වසන්ත සමයේ වගා කරන ලද වී භෝගයේ අස්වැන්න කෝටි 2.81ක් වන අතර එය ස්ථාවර තත්ත්වයක පසු වේ.

සරත් සමයේ ධාන්‍ය වගා කෙරෙන බිම් ප්‍රමාණයේ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර එම බිම් ඒකකයක නිෂ්පාදන ප්‍රමාණය වැඩි කිරීමට ගත් උත්සාහය ද කැපී පෙනෙන ප්‍රතිඵලයන් පෙන්නුම් කර තිබේ. ඔක්තෝබර් මස 24වනදා වන විට එහි සමස්ත අස්වැන්නෙන් සියයට 82.5ක කොටසක් නෙලා අවසන් කර ඇත. එම තත්ත්වය තවත් සරු අස්වැන්නක ලකුණු පෙන්නුම් කරයි.

චීනයේ වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනය වසර නවයක් පුරා ටොන් කෝටි 65 ඉක්මවා ඇති බවත් මෙම වසරේ එය ටොන් කෝටි 70 ඉක්මවා යාමට හැකියාව පවතින බවත් එම මාධ්‍ය හමුව ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම