තුර්කි ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා දැඩිව හෙළා දකී
2024-10-24 09:31:09
Share with:

තුර්කියේ අන්කාරා නුවර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට එල්ලවූ  ත්‍රස්ත ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරස්  මහතා දැඩිව හෙළා දකී. 

සිද්ධියෙන් විපතට පත්වූවන් හා ඔවුන්ගේ පවුල් වෙත මහලේකමවරයා සිය කණගාටුව පළ කරන අතරම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුර්කි රජය හා ජනතාව සමග එක්ව සිටින බවද මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශකයා සඳහන් කරයි. ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයෝ සිව් දෙ‍නෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 14 දෙනෙක් තුවාල ලබා සිටිති.


ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම