එළැඹෙන සංචාරක සමයේදී මෙරට සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සියලුම සංචාරකයින් ට ආරක්ෂාකාරීව දිවයිනේ සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බවත්, මෙරට රැඳී සිටින කාලය තුළ ඉහළම අයුරින් ආරක්ෂාව ලබාදෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම ආරක්ෂක අමාත්‍යංශය ද රටතුළ සිටින සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.
ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව 1997 දරණ ශ්‍රී ලංකා පොලීසියේ කෙටි දුරකථන අංකයට දැනුම් දීමේ අවස්ථාව තිබේ.
ඕනෑම අවස්ථාවක සංචාරකයින් වෙසෙන බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයන් සම්බන්ධීකරණය කර ගැනීමට කටයුතු කළ හැකිය. බාහිර සොර සතුරන්ගෙන් ඇති විය හැකි තර්ජනයන් මෙන්ම වෙනත් ගැටලු පිළිබඳව මෙහිදී සියළු පාර්ශවයන් අවධානය යොමු කළ යුතු අතර ශ්‍රී ලංකා පොලීසිය නව වැඩපිළිවෙලක් සහිතව මේ පිළිබඳව ඉදිරියේ දී ක්‍රියා කරනු ඇති බව එම නිවේදනයෙන් කියා සිටී.