ගාසා තීරයේ වත්මන් ගැටුම වර්ධනය වෙමින් පවතින අතර ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතී.ගැටුම සිරියාව දක්වා පැතිරීම වැළැක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජ්‍ය නියෝජිත Geng Shuang මහතා පවසයි.හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (23) සිරියාවේ තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පැවැත්වූ විවෘත සමුළුවේදීය.
ඊශ්‍රායලය සිරියාවට නිරන්තරයෙන් ගුවන් ප්‍රහාර එල්ල කිරීම චීනය දැඩි ලෙස හෙළා දකින බවත් එවැනි ප්‍රහාර වහා නතර කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. සිරියාවේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවට ගරු කරන ලෙසත්, සිරියාව ඇතුළු කලාපීය රටවල ස්ථාවරත්වය පවත්වා ගැනීමට ප්‍රායෝගික උත්සාහය ගන්නා ලෙසත් චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය. එමෙන්ම විදේශ හමුදා සිරියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටීම අවසන් කළ යුතු බව Geng Shuang මහතා අවධාරණය කළේය.
ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ මෑත කාලීන තත්ත්වය හේතුවෙන් සරණාගතයෝ විශාල ප්‍රමාණයක් සිරියාවට පලා ගොස් සිටිති. සරණාගතයින් පිළිගැනීමට සිරියානු රජය ගෙන ඇති ධනාත්මක ක්‍රියාමාර්ග අගය කරන බව චීන නියෝජිතයා පෙන්වා දුන්නේය. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද හදිසි මානුෂීය ඉල්ලීම කෙරෙහි චීනය ප්‍රශංසා පළ කරන බවත් ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය සහ ඒකාබද්ධ ප්‍රතිචාරය අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.