තුර්කියේ ආරක්ෂාව හා ස්ථාවරත්වය සහතික කිරීමට හැකි වනු ඇතැයි චීනය පවසයි
2024-10-24 16:58:20
Share with:
තුර්කියේ ආරක්ෂාව හා ස්ථාවරත්වය සහතික කිරීමට හැකි වනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඕනෑම ආකාරයක ත්රස්තවාදීන්ට චීනය තරයේ විරෝධය පළ කරන බව ඔහු පැවසීය.
තුර්කියේ අන්කාරා නුවර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් කෙරෙහි ශෝකය පළ කරමින් තුවාල ලැබූ අය වෙත සංවේගය ප්‍රකාශ කරන බව Lin Jian මහතා එහිදී සඳහන් කළේය.
තුර්කියේ අන්කාරා නුවර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අවම වශයෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 22 දෙනෙකු තුවාළ ලැබූ බව වාර්තා විය.