චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඊජිප්තු ජනාධිපති Abdul Fatah Al-Sisi මහතා හමු වෙති. නායක දෙපළ 23වනදා රාත්‍රි රුසියාවේ Kazan හිදී 16වන බ්‍රික්ස් නායක සමුළුවට සහභාගී වන අතරතුර එම හමුව පැවැත්වූහ.
ඊජිප්තුව ප්‍රථම වරට බ්‍රික්ස් සාමාජික රටක් වශයෙන් එහි නායක සමුළුවට එක්වීම පිළිගනිමින් ඒ සඳහා සුබ පැතුම් එක්කරන බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. සිය ස්වාධිපත්‍යය, සුරක්ෂිතතාව හා සංවර්ධන අයිතිය ආරක්ෂා කිරීමට ඊජිප්තුව ගන්නා උත්සාහයන්ට චීනයේ ස්ථිර සහයෝගය හිමි වේ. එකිනෙකාට සහාය ලබා දෙන අවංක මිත්‍රත්වයක් ඊජිප්තුව සමග ඇති කර ගෙන, එක්ව ඉදිරියට සංවර්ධනය කිරීමේ සමීප හවුල්කරුවන් ලෙස ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු කීය. දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය අනුබලය හා දේශපාලන විශ්වාසය තහවුරු කර ගනිමින්, ප්‍රායෝගික සහයෝගතා පැවැත්විය යුතුය. චීනය හා ඊජිප්තුව ඉහල ගුණාත්මක බවින් යුතුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනයට එක් වෙමින් මානව හා සංස්කෘතික හුවමාරු පුළුල් කරමින් පොදු ඉරණමක් සහිත නව යුගයේ චීන ඊජිප්තු ප්‍රජාවක් ගොඩනැගීම පෙළඹවීමට ප්රයත්න දැරිය යුතු යැයි ෂී ජින්පිං මහතා සඳහන් කළේය.
චීනය, ඊජිප්තුවේ හා අප්‍රිකානු රටවල අවංකම මිත්‍රයා යැයි ඊජිප්තු ජනාධිපතිවරයා එහිදී පැවසීය. තම රටට ලබා දුන් විවිධාකාරයේ මහඟු සහායන් වෙනුවෙන් චීනයට ස්තුතිවන්ත වන බව ද ඔහු කියා සිටියේය. එකම චීනය මූලධර්මයෙහි එල්බ සිටින ඊජිප්තුව, තායිවාන ප්රශ්නය සම්බන්ධයෙන් චීනයට ඇති අතිශය වැදගත්කම පූර්ණ ලෙස අවබෝධ ව සිටියි. ස්වයං සංවර්ධන ක්‍රියාමාර්ගය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සමග සම්බන්ධ කර, චීනය සමග විවිධ ක්ෂේත්රයන්හි ප්‍රායෝගික සහයෝගතා වැඩිදියුණු කිරීමට ඊජිප්තුව බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.