චීන විදේශ අමාත්‍යංශයේ දේශසීමා හා සමුද්‍රීය කටයුතු කාර්යාලයේ අධ්යක්ෂ Hong Liang මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යංශයේ ආසියා ඕසියානා කාර්යාලයේ අධ්යක්ෂ Hiroyuki Namazu මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ටෝකියෝ හිදී එම රැස්වීම පැවැත්විණ.
දෙරටේ සමුද්‍රීය කටයුතු කෙරෙහි දෙපාර්ශ්වය එහිදී ගැඹුරු ලෙස අදහස් හුවමාරු කරගත්හ. නැගෙනහිර චීන මුහුද, Diaoyu දූපත, දකුණු චීන මුහුද, තායිවාන සමුද්‍ර සන්ධිය හා නාවික ගුවන් ආරක්ෂාව යන කරුණු පිළිබඳව චීනය දරන ස්ථාවරය එහිදී පැහැදිළි කර ඇත. චීනයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂක අවශතා වෙනුවෙන් සැබවින්ම ගරු කරමින් සමුද්‍රය හා සම්බන්ධ සෘණාත්මක ප්‍රකාශ හා ක්‍රියාවන් නතර කරන ලෙසත්, සැබෑ ක්‍රියාවන් මගින් චීන - ජපාන සබඳතාව යහපත් කිරීම ප්‍රවර්ධනය කරන ලෙසත් චීනය මෙහිදී ජපානයෙන් ඉල්ලා සිටියේය.
දෙරටේ නායකයන්ගේ වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කරමින් සමුද්‍රීය කටයුතු කෙරෙහි අඛණ්ඩව සමීප සංවාදයක් පවත්වා මතභේදයන් නිසි ලෙස පාලනය කරමින් ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කිරීමට දෙපාර්ශ්වය එකඟ වූහ. එමෙන්ම, නව යුගයට ගැලපෙන ඵලදායී, ස්ථාවර චීන-ජපාන සබඳතා ගොඩනැගීම සඳහා ඒකාබද්ධව ප්රයත්න දැරීමට දෙපාර්ශ්වයන් එහිදී එකඟ වී තිබේ.