2024 වසර තුළ ගෝලීය ආර්ථික වර්ධනය සියයට 3.2 ක් බවට ජාත්‍යන්තන්තර මූල්‍ය අරමුදලේ තක්සේරුව පවත්වා ගෙන යන බව එම අරමුදලේ නවතම ‘ලෝක ආර්ථික දැක්ම වාර්තාව’ සඳහන් කරයි.
එය පසුගිය ජූලි මාසයේ දී කරන ලද පුරෝකථනයන්ට සමාන අංගයකි.
කෙසේවෙතත් මෙම වසර තුළ ගෝලීය ආර්ථික දැක්ම වටා ඇති අවිනිශ්චිතතාව ඉහළ මට්ටමක පවතින බව ද අදාළ වාර්තාව පෙන්නුම් කර ඇත.
2024 වසර තුළ තේරී පත් වූ සහ ඉදිරියේදී පත්වීමට නියමිත නව ආණ්ඩු සිය රටවල වෙළඳ හා මූල්‍ය ප්‍රතිපත්තිවල සැලකිය යුතු වෙනස්කම් හඳුන්වා දීමේ ප්‍රවණතාවක් පැවතීම මෙහිදී මූලික විය හැකි බව එම වාර්තාව විග්‍රහ කර ඇත.
විශේෂයෙන්ම උද්ධමනය නොනැසී පවතින සහ ආර්ථික වර්ධනයේ මන්දගාමී බවට සලකුණු මතුවෙමින් පවතින රටවල මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය පිළිබඳ අවිනිශ්චිතතාව ඉහළ මට්ටමක පවතින බව ද මෙම වාර්තාවෙහි සඳහන් වේ.
එමෙන්ම ලොව ඇතැම් රටවල භූ දේශපාලනික ගැටුම් තවදුරටත් වර්ධනය වීම හරහා ලෝක වෙළඳාමට සහ ආයෝජන ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල වනු ඇත.
එහිදී ලොව සැපයුම් දාමයන්හි ඔරොත්තු දීමේ හැකියාවට කැපීපෙනෙන තර්ජනයක් ඇති විය හැකි බැවින්, මෙම තත්ත්වය දීර්ඝ කාලීනව ගෝලීය ආර්ථික වර්ධනයට බලපෑ හැකි බව මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇත.