මෙරට සංවර්ධන ක්‍රියාදාමයට එක්සත් ජාතීන්ගේ සහාය
2024-10-23 15:12:00
Share with:
ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් ඊයේ (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිණ.
එහිදී Marc-Andre Franche මහතා අගමැතිවරිය වෙත සිය සුබ පැතුම් පිරිනැමූ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහාය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පවතින ගැටළු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියට සහාය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කැමැත්තෙන් සිටින බවද Marc-Andre Franche මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.