බ්‍රික්ස් රටවල මාධ්‍ය සංවාදය පැවැත්වේ
2024-10-23 21:44:07
Share with:

බ්‍රික්ස් රටවල මාධ්‍ය සංවාදය අද(23) රුසියාවේ Kazan නගරයේ දී පැවැත්විය. ඒ,16 වන බ්‍රික්ස් නායක සමුළුවට සමගාමීව ය. එම සංවාදය චීන මාධ්‍ය සමූහය සහ රුසියානු රාජ්‍ය රූපවාහිනී සහ ගුවන් විදුලි සංස්ථාවේ සත්කාරකත්වයෙන් පවත්වා ඇත. එම සංවාදයේ තේමාව “හුවමාරුව, අන්‍යෝන්‍ය ඉගෙනුම සහ පොදු ඉරණම බෙදා ගැනීම” යන්නයි.

චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරානය, බෙලරුසියාව සහ අනෙකුත් රටවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ප්‍රධානීහූ, රාජ්‍ය ආයතන නියෝජිතවරු සහ විශ්වවිද්‍යාල බුද්ධි මණ්ඩල පිරිස් ද මෙම සංවාදයට සහභාගි වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී දේශනයක් පැවැත්වීය. මෙවර බ්‍රික්ස් නායක සමුළුවේ දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යෝජනා කළ සාමය, නවෝත්පාදන, හරිත, සාධාරණත්වය සහ මනුෂ්‍යත්වය යන “පස්වැදෑරුම් බ්‍රික්ස් යාන්ත්‍රණ”චින්තනය මාර්ගෝපදේශයක් ලෙස ගෙන, බ්‍රික්ස් රටවල නායකයන් එළඹි සම්මුතිය ඉලක්ක කර ගනිමින් බ්‍රික්ස් සහයෝගීතාවයට වැඩි ජවයක් ලබා දීමට සහ නව සැලැස්මක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ද  ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම