“ජනපති ෂී ජින්පිං ප්‍රිය කරන උධෘත” විශේෂ වැඩසටහනේ තුන්වෙනි මාලාවේ (රුසියානු අනුවාදය) විකාශය ආරම්භ කිරීමේ උත්සවය ඊයේ(22) රුසියාවේ Kazan නගරයේ දී පැවැත්විණ. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රික්ස් නායකයින්ගේ 16 වන සමුළුවට සහභාගි වීම සඳහා රුසියාවේ නිල සංචාරයකට එක්වීම නිමිත්තෙනි. චීන මාධ්‍ය සමූහය විසින් මෙම වැඩසටහන් නිෂ්පාදනය කර තිබේ.
මෙම වැඩසටහන් රුසියාවේ විකාශය කිරීම පිළිබඳව රුසියානු ජනපති කාර්යාලය සුබ පැතුම් ලිපියක් යොමුකර ඇත. ආරම්භක අවස්ථාවට රුසියානු දේශපාලන, මාධ්‍ය සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල ප්‍රසිද්ධ පුද්ගලයෝ 300කට වැඩි පිරිසක් එක් වූහ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී දේශනයක් කළේ ය. මෙම විශේෂ වැඩසටහනෙන්, ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංස්කෘතික ඥානය මෙන්ම, ජනතාවට ප්‍රමුඛත්වය දීම, ‘ස්වයං දියුණුව හා පවුලේ පරිපාලනය මනාව සිදු කරමින් රටේ හා ලෝකයේ සාමයටත් අවධානය යොමු කිරීම’ පිළිබඳ චින්තනය පැහැදිලිව පහදා දී තිබේ. රට පාලනය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ ප්‍රඥාව, චීන සංස්කෘතිය, චීන ආත්මය සහ චීන මාදිලියේ නවීකරණයේ විශිෂ්ටත්වය අවබෝධ කර ගැනීමට මෙමගින් ප්‍රේක්ෂකයින්ට කවුළුවක් විවෘත කරන බව, Shen Haixiong මහතා සඳහන් කළේ ය.