පළාත් සභා විධිමත් කිරීමට ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස්
2024-10-23 14:39:05
Share with:
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී ඇත. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පළාත් ආණ්ඩුකාරවරුන් සමග පැවති සාකච්ඡාවකදී ය.
ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලු මැදිහත් වීම් පළාත් සභාවලින් සිදු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දී ඇති අතර, නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳවද මෙහිදී සිහිපත් කර ඇත.