ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu ගේ පෞද්ගලික නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලය තොරතුරු එළි දක්වයි
2024-10-23 14:06:39
Share with:
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahuගේ පෞද්ගලික නිවසට එල්ල වූ ඩ්‍රෝන යානා ප්‍රහාරය සහිත ඡායාරූප ඊයේ (22) ඊශ්‍රායල මාධ්‍ය එළි දක්වා තිබේ.
උතුරු ඊශ්‍රායලයේ පිහිටි එම නිවසට ඩ්‍රෝන යානා තුනක් මගින් ප්‍රහාර දියත් කර ඇත. එහි දී ඩ්‍රෝන යානා දෙකක් සාර්ථකව වළක්වා ඇති අතර එක් ඩ්‍රෝන යානයක් නිවසේ ගැටී තිබේ.ප්‍රහාර දියත් කිරීමේදී Benjamin Netanyahu හා පුවලේ සාමාජිකයන් එහි රැඳී නොමැති බවට වාර්තා කෙරිණ.
ලෙබනනයේ Hezbollah සංවිධානයේ මාධ්‍ය සම්බන්ධතා පිළිබඳ ප්‍රධානියා, ඊයේ (22) Beirut නගරයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ, පසුගිය සති අන්තයේ Benjamin Netanyahuගේ පෞද්ගලික නිවසට එල්ල වූ ප්‍රහාරයේ සම්පූර්ණ සහ එකම වගකීම සිය සංවිධානය භාර ගන්නා බවයි.