සංවර්ධනය වෙමින් පවතින රටවල් අඛණ්ඩව ඒකපාර්ශ්වික බලහත්කාරී පියවරයන්හී ගොදුරු බවට පත්වෙමින් ඇතැයි චීනය කියයි
2024-10-23 10:42:19
Share with:

සංවර්ධනය වෙමින් පවතින රටවල් අඛණ්ඩව ඒකපාර්ශ්වික බලහත්කාරී පියවරයන්හී ගොදුරු බවට පත්වෙමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිතයා පවසයි. එය ව්‍යසනකාරී ජීවිත තර්ජනයන්ට පවා හේතුවන තත්ත්වයක්  බව  රටවල් 28ක් වෙනුවෙන් 79වන එක්සත් ජාතීන්ගේ මහ සම්මේලන සැසිවාරයේ තුන්වන කමිටු රැස්වීමට ඒකාබද්ධ නිවේදනයක් ඉදිරිපත් කරමින් නිත්‍ය නියෝජිත ‍ෆු ට්සොන්ග් මහතා පැවසීය.

එම නිවේදනයෙන් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ එවැනි නීති විරෝධී භාවිතයන් වහාම සම්පූර්ණයෙන් නතර කළ යුතු බවයි.ලෝකය අන්තර් අගුලු අභියෝගයන්ට මුහුණදී ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවලට එය බලපා ඇති ප්‍රමාණය  අපමණය. ඒ හේතුවෙන්  ජාත්‍යන්තර සාමූහිකත්වය, එක්සත්බව හා සහයෝගතාව පදනම් කරගත් බහුපාර්ශ්වික සක්‍රීය කාර්යක්ෂම පද්ධතියක අවශ්‍යතාව අන් කවරදාකටත් වඩා ඉස්මතුව ඇතැයි චීන නියෝජිතයා ඉදිරිපත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් විය.

ඒකපාර්ශ්වික බලහත්කාරී නීති විරෝධී පියවරයන් ඉවත් කරන ලෙසට ගෝලීය වශයෙන් ඇති ඉල්ලීම් නොතකා රටවල් හා එහි ජනතාව ඉලක්ක කරමින් ක්‍රියාත්මක එවැනි ක්‍රියාවන් වහාම අවසන් කළ යුතු බවද ෆු ට්සොන්ග් මහතා අවධාරණය කළේය. මෙම ක්‍රියාමාර්ග මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.එය ජීවත්වීමට,සෞඛ්‍යයට,සංවර්ධනය‍ට හා අධ්‍යාපනයට ඇති අයිතිය මැඩ පැවැත්වීමක් ලෙසටද හෙතෙම අර්ථ දැක්වීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම