“ජනපති ෂී ජින්පිං ප්‍රිය කරන උධෘත”නමැති විශේෂ වැඩසටහන් මාලාවේ තුන්වැන්න රුසියානු රාජ්‍ය රූපවාහිනී සහ විකාශන සමාගම, රුසියානු රජයේ “රුසියානු පුවත්පත”සහ රුසියාවේ ග්‍රේටර් ඒෂියා රූපවාහිනි නාලිකාව යනාදී ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් හි විකාශය කෙරේ. රුසියානු භාෂා අනුවාදයක් ලෙස අද (22) සිට එහි විකාශය ඇරඹේ. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රික්ස් නායකයින්ගේ 16 වන සමුළුවට සහභාගි වීම සඳහා රුසියාවේ නිල සංචාරයකට එක්වීම නිමිත්තෙනි. එරට ප්‍රධාන නාලිකා රැසක් එම වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පට විකාශය කර ඇති අතර,ප්‍රේක්ෂකයන්ගෙන් ඊට ඉහළ ප්‍රතිචාර හිමි ව තිබේ.
“ජනපති ෂී ජින්පිං ප්‍රිය කරන උධෘත”නමැති විශේෂ වැඩසටහන් මාලාවේ තුන්වැන්න රුසියානු භාෂා අනුවාදය පළමුව ජනතාව, ප්‍රතිසංස්කරණ සහ නවෝත්පාදනය මෙන්ම පොදු සමෘද්ධිය වැනි තේමා කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර, ගැඹුරු චීන සාම්ප්‍රදායික සංස්කෘතියේ අන්තර්ගත නව යුගයේ අර්ථය සහ ගෝලීය වටිනාකම් සංක්ෂිප්තව පැහැදිලි කරයි. ෂී ජින් පිං මහතාගේ වැදගත් දේශන, ලිපි සහ කතාවල දී උපුටා දක්වන ලද චීන කාව්‍ය ශබ්දකෝෂ උපුටා දැක්වීම් ද මෙම වැඩසටහන්වලට අන්තර්ගත වේ.