ජාතික උද්ධමනය සෘණ අගයක් දක්වා පහළට
2024-10-22 15:04:42
Share with:

ජාතික පාරිභෝගික මිල දර්ශකයට(NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 1.1% සිට 2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නවතම වාර්තාවක් මේ බව පෙන්නුම් කරයි. එහිදී 2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5% ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 0.2% සිට -0.7% ක් දක්වාත් පහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම