රටට අවශ්‍ය සෑම අතින්ම බලවත් ආණ්ඩුවක් බව ජනපති පවසයි
2024-10-22 14:42:30
Share with:
මේ මොහොතේ රටට අවශ්‍ය සෑම අතින්ම බලවත් ආණ්ඩුවක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ජනබලවේගය පවත්වන ජන රැළියකට සහභාගි වෙමිනි.
ඉදිරිපත් කරන නව අයවැය ලේඛනයෙන් රටට අලුත් උපායමාර්ග හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
පැරණි දේශපාලන පරිච්ඡේදය අවසන් කර ලංකා ඉතිහාසයේ නව දේශපාලන පරිච්ඡේදයක් අරඹන බව ද ජනාධිපතිවරයා කියාසිටියේ ය. එමෙන්ම ආර්ථිකය කෙටිකාලීනව ස්ථාවර කර ගැනීමේ අභියෝගය සිය කණ්ඩායම සමග ජය ගැනීමට සූදානම් බවත්, රට ඩිජිටල්කරණ යුගයකට ගෙන යන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.