නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය "විශේෂිත ව්‍යාපෘතියක්" ලෙස නම් කෙරේ
2024-10-22 15:15:23
Share with:
නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය "විශේෂිත ව්‍යාපෘතියක්" වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා කළ යෝජනාවකට අනුව එම තීරණය ගෙන ඇත.
ඒ අනුව, අදාළ සිවිල් වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇති අතර, ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතින බව අද(22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ඒ අනුව කොළඹ වරායේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සහ සේවා සැපයුම්කරුවන් හට උපායමාර්ගික සංවර්ධන පනත සහ ආයෝජන මණ්ඩල නීතිය යටතේ විවිධ බදු සහන හිමිවන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.