චීනය සහ මාලදිවයින අතර මිත්‍රත්වය සංකේතවත් කිරීම වෙනුවෙන් මාලේ අගනුවර ඉදිකරන ලද උද්‍යානයක් පසුගියදා විවෘත කෙරිණ.
මාලදිවයින් රජයේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් අමාත්‍ය Abdulla Muththalib මහතා සහ මාලදිවයිනෙහි චීන තානාපති Wang Lixin මහත්මිය එම අවස්ථාවට සහභාගි වූහ. චීන රජයේ ආධාර ඇතිව ඉදිකරන ලද මෙම උද්‍යානය, දෙරට අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමට තවත් උපකාරී වනු ඇතැයි මෙහිදී අදහස් දක්වමින් Muththalib මහතා පැවසීය. චීන තානාපතිවරිය ද මෙහිදී සඳහන් කළේ, දෙරට අතර ශක්තිමත් මිතුදම හරහා මාලදිවයින් ජනතාව තුළ මෙන්ම ආර්ථික සංවර්ධනයේ ද ප්‍රගතියක් ලබා ඇති බවයි. එමෙන්ම මාලදිවයිනෙහි සමාජ, ආර්ථික සංවර්ධනය සඳහා චීනය අඛණ්ඩව සහය දක්වන බවත්, එමඟින් මාලදිවයින් ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවත් Wang Lixin මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවසුවා ය.