වියට්නාම සමාජවාදී ජනරජයේ නව ජනාධිපති ධුරයට පත් Luong Cuong මහතා වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම සුබපැතුම් පණිවිඩය අද (22) යොමු කර ඇත.
චීනය සහ වියට්නාමය අතර දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රික ඉහළ මට්ටමේ එකඟතා ඒකාබද්ධව ක්‍රියාවට නැංවිය යුතු බවත්, වඩාත් ප්‍රායෝගික ප්‍රතිඵල ලබා ගැනීම සඳහා චීන-වියට්නාම පුළුල් උපායමාර්ගික සහයෝගීතාව ප්‍රවර්ධනය කළ යුතු බවත්, දෙරටේ නවීකරණ ක්‍රියාවලියට සහාය විය යුතු බවත් ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. වියට්නාමය සිය ජාතික තත්ත්වයන්ට ගැළපෙන සමාජවාදී මාවත අනුගමනය කිරීම සඳහා චීනය වියට්නාමයට උපරිම සහාය දෙනු ඇති බව ද ඔහු පැවසීය.
චීන-වියට්නාම සබඳතා සංවර්ධනයට තමා විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීමට නායකත්වය දී දෙරට ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන ඒම සඳහා ජනාධිපති Luong Cuong මහතා සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් ෂී ජින් පිං මහතා සිය පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.