ඉරානය ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට සහය දක්වන “සහකරුවෙක්” බවට පත් වූ ඇමරිකාව එහි සම්පූර්ණ වගකීම දැරිය යුතු බව ඉරානය පවසයි
2024-10-22 15:40:52
Share with:

ඉරානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථාවර නියෝජිත Amir Saeed Iravani මහතා ඊයේ (21)ආරක්ෂක මණ්ඩලයට යොමු කරන ලද ලිපියේ මේ බව ප්‍රකාශ කෙරිණ. 

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සිදු කළ ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවක් සඳහා උසිගැන්වීම, දිරිමත් කිරීම සහ සහය දීම සම්බන්ධයෙන් ඇමරිකාව සම්පූර්ණ වගකීම දැරිය යුතු බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කෙරිණ.එමෙන්ම ඇමරිකාව ඊශ්‍රායලයට තාක්ෂණික සහනාධාර ලබා දීම හරහා, ඉරානයට එරෙහි ආක්‍රමණශීලි ප්‍රහාර දියත් කිරීමට ඊශ්‍රායලය සතු හැකියාව තවදුරටත් ප්‍රවර්ධනය කර ඇත.ඒ හරහා ඇමරිකානු රජය, ඉරානයට එරෙහිව ආක්‍රමණ කිරීමට ඊශ්‍රායලයට සහය දක්වන “සහකරුවෙක්” බවට පත් වූ  බව එහිදී ප්‍රකාශ කෙරිණ. 

එම ක්‍රියාව පැහැදිළිව හෙළා දකින ලෙසත්, ජාත්‍යන්තර නීතියට හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ඇමරිකාව අනුගමනය කිරීමේ වගකිම් භාර ගන්නා ලෙසත්, ඉරානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව, ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාව හා ලෙබනන ජනතාව ඉලක්ක කරගනිමින් සිදු කරන යුද අපරාධ හා ජන සංහාර ක්‍රියාවන් ඊශ්‍රායලය වහාම නතර කිරීම පිළිබඳව ආරක්ෂක මණ්ඩලය නියෝගය කළ යුතු බවත් එහිදී  වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණ.මෙවැනි හැසිරීම් ප්‍රාදේශීය ස්ථාවරත්වය විනාශ කරමින් ජගත් සාමය හා ආරක්ෂාවට දරුණු තර්ජනයක් බවද ඉරානය පවසා ඇත.  

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම