ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය සිදුකර ඇති තර්ජනයට විරෝධය පළ කිරීම සඳහා, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට නිල වශෙයන් ලිපියක් යොමු කළ බව ඉරාන විදේශ අමාත්‍යංශය පවසයි.
ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් ඊයේ(22) පැවති මාධ්‍ය හමුවකදී, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ මහා සම්මේලනයේ 533 වන යෝජනාව උපුටා දක්වමින්, ඉරාන දේශීය න්‍යෂ්ටික පහසුකම් වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයක් හෙළා දැකීම හා නතර කිරීමට ක්‍රියා කළ යුතු බව අවධාරණය කළේ ය. ඉරානය එවැනි තර්ජන වලට ජාත්‍යන්තර නීතියට අනුව ප්‍රතිචාර දක්වනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ මහා සම්මේලනයේ 533 වන යෝජනාවට අනුව, සාමකාමී අරමුණු සඳහා භාවිත කරන න්‍යෂ්ටික බලාගාරයකට එරෙහි ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් හෝ ප්‍රහාර තර්ජනයක් හෝ , ජාත්‍යන්තර නීතිය හා එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක් ලෙසට සැලකේ.
ඉරානය මෙම මස පළමුවැනිදා ඊශ්‍රායලය වෙත මිසයිල සිය ගණනක් යොදා ගනිමින්, ඊශ්‍රායල හමුදා සහ ආරක්ෂක ඉලක්ක වලට ප්‍රහාර එල්ල කළේ ය. මෙය ඊශ්‍රායලය විසින් ඉරානයට, ලෙබනනයට සහ පලස්තීනයට එරෙහිව සිදුකරන හමුදා සහ ඝාතන මෙහෙයුම් මාලාවකට පළිගැනීමක් ලෙසට සිදුකර තිබේ. ඊශ්‍රායල නිලධාරීන් ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ, ඉරානයට ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.