චීන ජනපති බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා රුසියාවේ Kazan නගරයට ළඟා වෙයි
2024-10-22 16:24:01
Share with:
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (22) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් රුසියාවේ Kazan නගරයට ළඟා විය.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ ආරාධනයට අනුව, ෂී ජින් පිං මහතා අද(22) සිට ලබන 24වැනිදා දක්වා බ්‍රික්ස් නායකයින්ගේ 16 වන සමුළුවට සහභාගී වීමට නියමිතය. 2024 වසර‘පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවයේ’නව ආරම්භයකි. එමෙන්ම මෙවර සමුළුව බ්‍රික්ස් සාමාජික රටවල් සංඛ්‍යාව පුළුල් කිරීමෙන් පසු පැවැත්වෙන ප්‍රථම සමුළුව වීම ද විශේෂත්වයකි.