චීන රෙන් මින් බී මුදල් ඒකකයේ විදේශ විනිමය වෙළඳපොළේ ගනුදෙනු පරිමාව වර්ධනය වෙයි. මේ වසරේ මුල් කාර්තු තුනේ එම ගනුදෙනු පරිමාව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 30.27ක් ලෙසට සටහන් වී තිබිණ. ඒ අනුව එය 2023 වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව 10.1%කින් වර්ධනය වී ඇතැයි චීන රාජ්‍ය විදේශ විනිමය මහ පරිපාලනය අද (22) මාධ්‍ය හමුවකදී නිකුත් කළ දත්තවල සඳහන් වෙයි. මේ වසරේ චීනයේ දේශසීමා හරහා මුදල් සංසරණය වීම ස්ථාවර මට්ටමක පවතී. එමෙන්ම රෙන් මින් බී මුදල් ඒකකය විදේශ විනිමය වෙළඳපොලේ පෙන්නුම් කරන නම්‍යශීලිත්වය හේතුවෙන් රෙන් මින් බී විදේශ විනිමය අනුපාත සමබර හා ස්ථාවර මට්ටමක පවතින බව ද පෙන්වා දී ඇත.
මේ වසරේ මුල් කාර්තු තුනේ චීනයේ විදේශ විනිමය අයවැය පිළිබඳ දත්ත ද එම මාධ්‍ය හමුවේදී නිකුත් කෙරිණ. එම දත්තවලට අනුව එම කාල සීමාව තුළ ගනුදෙනුකරුවන් වෙනුවෙන් බැංකු විදේශ රටවලින් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5259.4ක් වන අතර විදේශ රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 5256.6ක ගෙවීම් සිදු කර ඇත. එම ගනුදෙනුවලින් ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක අතිරික්තයක් චීන පාර්ශ්වයට ලැබී ඇති බව එම දත්තවලින් පෙන්නුම් කර තිබේ.