චීන සහ ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී හමුවක්
2024-10-21 18:30:08
Share with:

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා අද බෙයිජිංහි දී ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපති සහ හිටපු ප්‍රංශ අගමැති Laurent Fabius මහතා හමුවිය. 

මෙම වසරේ චීන ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය, චීනය සමග ප්‍රංශය සහ යුරෝපා සංගමය අතර සබඳතා වර්ධනය වෙනුවෙන් උපාය මාර්ගික මග පෙන්වීමක් ලබා දී ඇති බව, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන Wang Yi මහතා මෙහිදී පැවසීය. 

එමෙන්ම චීනය සහ යුරෝපා සංගමය ද ලෝක සාමයට සහ ස්ථාවරත්වයට හිතකර ස්වාධීනත්වයට අනුගත වන බව  මෙහිදී අවධාරණය කළ චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා, චීනය සහ යුරෝපා සංගමය සිය ගැටළු විසඳා ගැනීමට සාකච්ඡා මාර්ගයෙන් ක්‍රම සොයා ගත යුතු බව වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් Laurent Fabius මහතා පැවසුවේ, ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ නිදහස තහවුරු කිරීම සහ දෙරට අතර මිත්‍ර සබඳතා පවත්වාගෙන යාම සම්ප්‍රදායක් බවයි. 

එමෙන්ම තම කැමැත්ත අන් අය මත පැටවීමට ප්‍රංශය සැමවිටම විරුද්ධ වන බවත්, සංවාදයෙන් සහ උපදේශනයෙන් නිසි විසඳුම් සෙවීමට පෙනී සිටින බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම