විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා “පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක්
2024-10-21 15:22:12
Share with:

සියලුම ක්ෂේත්‍රවලින් ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ වෙනුවෙන් නව ජනාධිපති කාර්යසාධක බලකායක් අරඹන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ‍

මේ අතර ග්‍රාමීය දිළිඳුකමට ස්ථිර විසදුම් සොයමින් ලබාදෙන සහනාධාර ඉහළ නැංවීමට අවධානය යොමු කර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය. ජාතික ජනබලවේගය සංවිධාන කළ ජන රැළි මාලාවේ හෝමාගම ජන රැළියට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම