කියුබාවට එරෙහිව පනවා ඇති සීමා කිරීම් සහ සම්බාධක කඩිනමින් ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2024-10-21 17:44:17
Share with:

කියුබාවට එරෙහිව පනවා ඇති සීමා කිරීම් සහ සම්බාධක කඩිනමින් ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

කියුබාව මේ වන විට බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටින එක් ප්‍රධාන හේතුවක් වන්නේ කියුබාවට තෙල් ප්‍රභවයන් ලබා ගැනීමට නොහැකි වන ලෙස ඇමරිකාව සිදු කළ සීමා කිරීම් සහ මූල්‍ය පීඩාවන් ය. ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

ඇමරිකාව කියුබාවට බාධා පැමිණවීම කියුබාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහ ජන ජීවිතයට විශාල හානියක් සිදු කර ඇති බව Lin Jian මහතා එහිදී පැවසීය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම සහ ජාත්‍යන්තර නීතියේ මූලික ප්‍රමිතීන්ට අනුකූලව කඩිනමින් කියුබාවට එරෙහි සීමා කිරීම් සහ සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස චීනය නැවත වරක් ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.

චීනය සහ කියුබාව සමීප මිතුරන් සහ හොඳ සහෝදර ර‍ටවල් වන බවත් කියුබාවේ කොමියුනිස්ට් පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ කියුබානු ජනතාවට දුෂ්කරතා ජය ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් Lin Jian මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම