මියන්මාරයේ චීන කොන්සල් ජනරාල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්
2024-10-21 18:55:58
Share with:

මියන්මාරයේ මැන්ඩලේ හි චීන කොන්සල් ජනරාල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස චීනය මියන්මාරයෙන් ඉල්ලා සිටී. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා මේ බව පැවසුවේ අද (21) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

පසුගිය 18වැනිදා පස්වරු 5:00ට පමණ මැන්ඩලේ හි චීන කොන්සල් ජනරාල් කාර්යාල වීදියට මුහුණලා ඇති කාර්යාල ගොඩනැගිල්ලක් පිපිරීමෙන් කිසිදු ජීවිත හානියක් සිදු නොවූන ද එහි ගොඩනැගිල්ලේ කොටස්වලට හානි සිදු ව තිබේ. මෙම ප්‍රහාරයෙන් චීනය දැඩි කම්පනයට පත්ව ඇති අතර එය දැඩි ලෙස හෙළා දකී. චීනය මියන්මාරය වෙත ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධතා ඉදිරිපත් කර ඇති බවත්, ප්‍රහාරය පිළිබඳව පුළුල් ව විමර්ෂනය කරන ලෙසත් මියන්මාරයෙන් ඉල්ලා සිටින බව Lin Jian මහතා පැවසීය. මියන්මාරයේ චීන තානාපති කාර්යාලය, කොන්සල් කාර්යාලය, ආයතන, ව්‍යාපෘති සහ පුරවැසියන්ගේ ආරක්ෂාව  සහතික කරන ලෙසත්, ප්‍රහාරය පිළිබඳව විධිමත් විමර්ශනයත් සිදු කරන ලෙසත් ඉල්ලා සිටිමින් චීනය මියන්මාරයට පුළුල් පැහැදිලි කිරීමක් සහිතව කරුණු ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය.

මියන්මාරය ප්‍රකාශ කළේ ජාත්‍යන්තර නීතිය යටතේ සිය යුතුකම් හා වගකීම් ඉටු කරන බවත් මියන්මාරයේ සිටින චීන ජාතිකයන්ගේ සහ ආයතනවල ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන වගකීම නිසි ලෙස භාර ගන්නා බවත්ය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම