රත්‍රන් මිල ඉහළ යයි
2024-10-21 11:24:01
Share with:
ජාත්‍යන්තර රන් මිල ඉහළ යයි. ඇමරිකාවේ නිව්යෝර්ක් කොටස් වෙළඳ පොලේ එළඹෙන දෙසැම්බර් මස බෙදා හැරීම සඳහා වන රත්‍රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 2730ක් ලෙසට සටහන් විය. එය 0.83%ක වර්ධනයකි. නිව්යෝර්ක් කොටස් වෙළඳ පොලේ දින 2ක් පුරා රත්‍රන් මිල වාර්තාගත ලෙස ඉහළ යාම විශේෂත්වයකි. මේ හේතුවෙන් චීනයේ ඇතැම් රන් ආභරණ අලෙවි සැල්වල පිරිසිදු රත්‍රන් ග්‍රෑම් එකක මිල චීන යුවාන් 800 ඉක්මවා ගොස් ඇත.
මේ වසරේ මාර්තු මස සිට මේ දක්වා රන් මිල වරින් වර වෙනස් වී තිබේ.