ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට සම්බන්ධ පාර්ශ්වයන්ගේ 16වන සමුළුව ඊයේ(20) කොලොම්බියාවේ Cali නගරයේ දී ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා, කොලොම්බියා ජනාධිපති Gustavo Petro මහතා සහ චීන ජෛව පරිසර ඇමති Huang Runqiu මහතා, සමාරම්භක උත්සවය ඇමතූහ.
António Guterres මහතා සිය දේශනයෙන් පෙන්වා දුන්නේ, මෙම සමුළුවේදී, Kunming-Montreal ගෝලීය ජෛව විවිධත්ව රාමුවට අනුකූලව පැහැදිලි ක්‍රියාකාරී සැලසුම්, ඒ ඒ රටවල් විසින් යෝජනා කරනු ඇති බවයි. මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම සහ ස්මාර්ට් බලශක්තිය සංවර්ධනය කිරීම පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇති බව කොලොම්බියා ජනාධිපතිවරයා සඳහන් කළේය. "Kunming-Montreal ගෝලීය ජෛව විවිධත්ව රාමුව" මගින් නියම කර ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය අඛණ්ඩ ක්‍රියා කරනු ඇතැයි, Huang Runqiu මහතා එහිදී පැවසීය.
ජෛව විවිධත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට සම්බන්ධ පාර්ශවයන්ගේ 16වන සමුළුව අද(21) සිට නොවැම්බර් 1වැනිදා දක්වා කොලොම්බියාවේ Cali නගරයේ දී පැවැත්වීමට නියමිතයි. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ස්වභාවික සම්පත් තිරසර ලෙස භාවිත කිරීම, සම්පත් තිරසාර ලෙස භාවිත කිරීමේ දී ප්‍රතිලාභ සමව බෙදා ගැනීම, මෙවර සමුළුවේ ප්‍රධාන සාකච්ඡා තේමාවයි. ආර්ථික ප්‍රතිපත්ති වලට ජෛව විවිධත්වය ඒකාබද්ධ කිරීමට ද මෙම සමුළුවේදී උත්සාහයක් ගැනෙනු ඇත.