ඇමරිකානු හා කැනඩා යුද නෞකා, තායිවාන සමුද්‍ර සන්ධිය හරහා තරණය කිරීම පිළිබඳ චීන හමුදාවේ ප්‍රතිචාර
2024-10-21 10:55:09
Share with:

ඇමරිකානු හා කැනඩා යුද නෞකා, තායිවාන සමුද්‍ර සන්ධිය හරහා තරණය කිරීම පිළිබඳව චීන හමුදා පාර්ශ්වය ප්‍රතිචාර දක්වයි.

ඔක්තෝබර් 20වනදා ඇමරිකාවේ ‘Higgins’ යුද ප්‍රහාරක නෞකාව හා කැනඩාවේ ‘Vancouver’ ආරක්ෂක නෞකාව තායිවාන සමුද්‍ර සන්ධිය හරහා තරණය කර ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ උද්දීපනය කර ඇතැයි චීන නැගෙනහිර හමුදා බලකායේ පුවත් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කපිතාන් ලී ෂී මහතා සඳහන් කළේය.

තම බලකාය සිය නාවික හා ගුවන් සේනාවන් යොදා ගනිමින් ඇමරිකානු හා කැනඩා යුද නෞකා ලුහුබඳිමින් ඔවුන්ගේ හැසිරීම් අධීක්ෂණය කරමින් අනතුරු ඇඟවීම් ද සිදු කළ බවත් එය නීත්‍යනුකූල ප්‍රතිචාර දැක්වීමක් බවත් ඔහු කියා සිටියේය.

ඇමරිකාවේ හා කැනඩාවේ මෙම හැසිරීම්, ගැටළුකාරී තත්වයක් ඇති කරමින් තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය විනාශ කිරීමට ගත් උත්සාහයක් බවත් රටේ ස්වාධිපත්‍යය, සුරක්ෂිතතාව මෙන් කලාපීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට තම හමුදාව සෑම විටම උපරිම සෝදිසියෙන් සිටින බවත් ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කපිතාන් ලී ෂී මහතා ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම