වර්තමාන ගෝලීය පරිසරය ඉතා අස්ථාවර තත්ත්වයක් පෙන්නුම් කරන අතර ලෝක ආර්ථිකයේ ප්‍රකෘතිමත්භාවය ද දුර්වල වෙමින් පවතී. එවන් අවස්ථාවක ලෝකයේ ගමන්මඟ පිළිබඳ විමසා බැලීම වඩාත් කාලෝචිත ය. වත්මන් ගෝලීය සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දෙන BRICS රටවල් සිය කාර්යභාරය සහ මැදිහත්වීම තුළින් එයට පිළිතුරු සපයා තිබේ.
නුදුරේ දී පැවැත්වෙන 2024 BRICS සමුළුවට සමගාමීව චීන මාධ්‍ය සමූහයට අයත් CGTN ආයතනය ගෝලීය අන්තර්ජාල පරිශීලකයන්ගේ සහභාගීත්වයෙන් සමීක්ෂණයක් සිදු කර ඇත. එහි ප්‍රතිචාර දැක්වූ පිරිස අතරින් බහුතරයක් කියාසිටියේ BRICS සහයෝගීතා යාන්ත්‍රණය අර්බුදකාරී ගෝලීය ආර්ථිකයට මෙන්ම සංකීර්ණ ගෝලීය පාලන ව්‍යුහයට ජීවයක් එක් කර ඇති බවයි.
නැඟී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල වර්ධනය වන ප්රවණතාවන් සමග BRICS සංවිධානය බිහි වීම සිදුවිණ. වර්තමානය වනවිට වසර ගණනක සංවර්ධන ප්රයත්නයෙන් පසු එය බහුවිධ මට්ටමේ සහ බහුවිධ මුහුණුවරකින් විස්තීර්ණ සහයෝගීතා රාමුවක් නිර්මාණය කිරීමට සමත් විය. එමෙන්ම BRICS සහයෝගීතා යාන්ත්‍රණය මෑත වසරවලදී, ලොව රටවල් රැසකට සංවර්ධන ප්රතිලාභ සහ නව අවස්ථා හිමි කර දීමට නව සංවර්ධන බැංකුව පිහිටුවීම සහ හදිසි සංචිත පිළියෙළ කිරීම සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ.
මෙම සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සියයට 92.87ක් මෙම යාන්ත්‍රණය ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාව වැඩි දියුණු කරන බව සඳහන් කළහ. එපමණක් නොව මෙම යාන්ත්‍රණයේ දායකත්වය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව සියයට 94.2ක් විශ්වාස කර සිටී. එමෙන්ම ලෝකයේ නැඟී එන ආර්ථිකයන්ගෙන් සැදුම්ලත් බහුපාර්ශ්වික සහයෝගීතා යාන්ත්‍රණයක් ලෙස BRICS රටවලට ලෝක ආර්ථිකයේ ප්‍රකෘතිමත්භාවය උදෙසා වැඩි ශක්තියක් එක් කළ හැකි වනු ඇති බව ද ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 94.1ක් සඳහන් කළහ.
දිගු කාලයක් තිස්සේ BRICS සහයෝගිතා යාන්ත්‍රණය විවෘතභාවය, පරිපූර්ණත්වය, සහයෝගීතාවය සහ ජයග්‍රාහී ප්රතිඵලවල ජීවගුණය සක්‍රියව ක්‍රියාත්මක කර තිබේ. එය ගෝලීය සහයෝගීතාව මෙන්ම බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනයට ප්රමුඛ ශක්තියක් ද එක් කර ඇත. BRICS යාන්ත්‍රණය වඩාත් සාධාරණ, ප්රජාතන්ත්රවාදී සහ යුක්තිගරුක ජාත්‍යන්තර පටිපාටියක් ගොඩනැගීමට උපකාරී වන බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 89.6ක් කියාසිටියහ. එමෙන්ම ඉන්
සියයට 91.65 ක් විශ්වාස කරනුයේ ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට ලෙස නවීකරණය වීමේ දී චීනයේ සංවර්ධන දැක්ම සහ අත්දැකීම් නැඟී එන රටවලට වැදගත් මූලාශ්‍රයක් සපයන බවයි
මෙම සමීක්ෂණය ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, අරාබි, ප්‍රංශ සහ රුසියානු යනාදී භාෂාවලින් CGTN අන්තර්ජාල වේදිකාවල පළ කර ඇති අතර ඒ සඳහා පැය 24ක් ඇතුළත විදෙස් අන්තර්ජාල පරිශීලකයන් 18,961ක් සිය මතය ප්‍රකාශ කිරීමට එක්වීම ද විශේෂත්වයකි.