චීන උප ජනාධිපති හන් චෙන්ග් මහතා ඉන්දුනීසියා ජනාධිපති ධුරයට අලුතින් තේරී පත්ව සිටින Prabowo Subianto මහතා හමුවෙයි. Subianto මහතා ජනාධිපතිධුරයේ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට සහභාගීවීම සඳහා චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙසට හන් චෙන්ග් මහතා ජකර්තා නුවරට ගොස් සිටී.
අද (21) සිදුවූ එම හමුවේදී චීන උප ජනාධිපතිවරයා පැවසුවේ ඉන්දුනීසියා ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන් පසු ජනාධිපති Prabowo මහතා චීනයේ සංචාරය කිරීමෙන් චීනය සමබන්ධයෙන් ඇති ඔහුගේ මිත්‍රත්වය මෙන්ම චීන ඉන්දුනීසියා සබඳතා ඉදිරියට ගෙනයාමේ ඔහුගේ කැපවීම ද පිළිබිඹු වූ බවයි. චීනය ඉන්දුනීසියා නව රජයට සහයෝගය දක්වන බවද චීන උප ජනාධිපතිවරයා පැවසීය. Prabowo ජනාධිපතිවරයා යටතේ ජාතික සංවර්ධනය තවදුරටත් ඉදිරියට වර්ධනය වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. දෙරටේ රාජ්‍ය නායකයන්ගේ උපාය මාර්ගික මාර්ගෝපදේශ යටතේ ඉන්දුනීසියාව සමග කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. මීළඟ මට්ටමේ චීන ඉන්දුනීසියා සබඳතා වර්ධනය වෙනුවෙන් චීන උප ජනාධිපතිවරයා යෝජනා තුනක් ඉදිරිපත් කළේය. ඉහළ මට්ටමේ උපාය මාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කිරීම සහ එකිනෙකාගේ කේන්ද්‍රීය ඵලප්‍රයෝජන හා ප්‍රධාන සැලකිල්ලට ලක්වන කරුණු සම්බන්ධයෙන් අඛණ්ඩව සහයෝගය ලබාදීම පළමු යෝජනාවයි. දෙවැන්න දෙරටේ වඩාත් වැඩි ජනතාවට ප්‍රතිලාභ ලබාදීමට අන්‍යෝන්‍ය පරිපූර්ණ සහයෝගතා පුළුල් කළ යුතුය. තුන්වන යෝජනාව ලෙසට සාධාරණ දිශාව වෙත ගෝලීය පාලන සංවර්ධනය ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සහයෝගතාව පුළුල් කිරීම චීන උප ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදි.
එහිදී අදහස් දැක්වූ ඉන්දුනීසියා ජනාධිපතිවරයා පැවසුවේ චීනය ලොව ප්‍රධාන රටක් ලෙසට ඉන්දුනීසියාවේ ප්‍රධාන හවුල්කරුවෙකු බවයි. චීනය සමග සබඳතා වර්ධනයට ඉන්දුනීසියා නව රජය ඉහළ වැදගත්කමක් ලබා දෙන බවද හෙතෙම කීය.