ඊශ්‍රායලයෙන් ගාසා තීරයේ ප්‍රදේශ රැසකට අඛණ්ඩව ප්‍රහාර
2024-10-20 16:30:45
Share with:

ගාසා තීරයේ මාධ්‍ය කාර්යාලය ඊයේ(19) නිකුත් කළ තොරතුරුවලට අනුව, Beit Lahia නගරයේ ජන නිවාස කලාපයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 73 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව ඇත. එමෙන්ම විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක්  අතුරුදන් ව ඇති බව වාර්තා වේ.

උතුරු ගාසා හි Jabalia සරණාගත කඳවුර, ගාසා නුවර, Beit Lahia නගරය, මධ්‍යම ප්‍රදේශයේ Maghazi සරණාගත කඳවුර මෙන්ම දකුණු ප්‍රදේශයේ Rafah නගරයට ඊයේ(19) ඊශ්‍රායල හමුදාවේ ප්‍රහාර එල්ල වී ඇත. 

Beit Lahia නගරයේ ජන නිවාස කලාපයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් විශාල පිරිසක් මිය ගොස් ඇති බවත්, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය හා ප්‍රංශය ද ඊශ්‍රායලය සිදු කරන මෙම අපරාධ සඳහා වගකිව යුතු බවත් ගාසා තීරයේ මාධ්‍ය කාර්යාල නිවේදනයක දැක්වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම