ඉන්දුනීසියානු නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-10-20 13:54:56
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉන්දුනීසියානු නව ජනාධිපති Prabowo Subianto මහතා වෙත සිය සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (20) යොමු කර ඇත.

චීනය හා ඉන්දුනීසියාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසි රටවල් දෙකකි. දෙරටේ අංග සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව ස්ථීර ලෙස ඉහළ මට්ටමකට ගෙන එමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ නව අදියරට පිවිස ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත.එළඹෙන වසර චීන -ඉන්දුනීසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරයයි. එය ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීමට නව අවස්ථාවක් වනු ඇති බවද හෙතෙම පැවසීය.Prabowo Subianto මහතා සමග සමීප උපායමාර්ගික සංවාද පවත්වා ගනිමින් චීන-ඉන්දුනීසියානු පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීම අඛණ්ඩව නව මට්ටමකට ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය. සංවර්ධනය වෙමින් පවතින විශාල රටවල් අතර ඒකාබද්ධව ස්වයං සංවර්ධනයක් ඇති කිරීම, සාමූහික සහයෝගීතා පැවැත්වීම මෙන්ම අන්‍යෝන්‍ය වාසි සහගත පොදු ජයග්‍රහණ ලබා ගැනීමේ නව පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට Prabowo Subianto ජනාධිපතිවරයා සමග එක්ව උත්සාහ කිරීමට තමා අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දී ඇත.   

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම