චීන උප අගමැතිවරයා 2024 ලෝක බුද්ධිමය දේපල අයිතිවාසිකම් සම්මේලනයට එක්වෙයි
2024-10-20 15:23:12
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ උප අගමැති Zhang Guoqing මහතා ජාත්‍යන්තර බුද්ධිමය දේපල අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ 2024 ලෝක බුද්ධිමය දේපල අයිතිවාසිකම් සම්මේලනය අමතයි.

ඊයේ(19) හන් චෞ නගරයේ දී පැවති එම සම්මේලනයේ සමාරම්භක උත්සවයට Zhang Guoqing මහතා සහභාගි වෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුබපැතුම් පණිවිඩය ද ඉදිරිපත් කළේය.

ජනාධිපතිවරයා මෙවර සම්මේලනයට විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කිරීමෙන් චීනය බුද්ධිමය දේපල අයිතිවාසිකම් කටයුතු කෙරෙහි දක්වන දැඩි අවධානය පිළිබිඹු කෙරෙන බව Zhang Guoqing මහතා එහිදී පැවසීය.

ලෝක බුද්ධිමය දේපල අයිතිවාසිකම් සංවිධානය කේන්ද්‍රීය කරගන්නා බහුපාර්ශ්වීය බුද්ධිමය දේපල අයිතිවාසිකම් පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා විවිධ රටවල් සමග එක්ව අදාළ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික හා අන්‍යෝන්‍ය ජයග්‍රාහී සහයෝගිතා රැසක් පැවැත්වීමට චීනය සූදානමින් සිටින බව හෙතෙම කියාසිටියේය.

බුද්ධිමය දේපල අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි හා ප්‍රමිති  පොදුවේ ආරක්ෂා කර පොදු සංවාද, පොදු සංවර්ධනය මෙන්ම පොදු භාවිතය ඇතුළු බුද්ධිමය දේපල අයිතිවාසිකම් සඳහා විධිමත් ගෝලීය පාලන රාමුවක් ගොඩනැගීමට විවිධ රටවල් සමග එක්ව කටයුතු කිරීම චීනයේ අපේක්ෂාව බව ද උප අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම