ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හා අගමැතිනිය අතර හමුවක්
2024-10-20 16:00:12
Share with:

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono මහතා ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමු වී සාකච්ඡාවක නිරත විය.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය එහිදී සිය ස්තුතිය පළ කළාය.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඉදිරියේදීත් අපේක්ෂා කරන බව ද අගමැතිවරිය මෙහිදී සඳහන් කළාය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම