චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා මෑතකදී රටේ ආර්ථික තාක්ෂණ සංවර්ධන කලාපවල කටයුතු පිළිබඳව වැදගත් උපදෙස් ලබා දී තිබේ.
නව යුගයේ නව ගමනක් ආරම්භ කිරීමේදී ජාතික ආර්ථික තාක්ෂණික සංවර්ධන කලාප, සිය නවෝත්පාදන හැකියාව හා අභ්‍යන්තර ගාමක බලයක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දී ඇත. රටේ නව සංවර්ධන ව්‍යුහය ගොඩනැගීමට සක්‍රියව එක්වෙමින්, උසස් මට්ටමේ විවෘතභාවය මගින් රටේ ප්‍රතිසංස්කරණ හා උසස් ගුණාත්මක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී ජාතික ආර්ථික තාක්ෂණික සංවර්ධන කලාප, රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ පුරෝගාමී බලවේගයක් ලෙසට ඉදිරියට ගෙනඑමින් සිය උසස් විවෘතභාවයේ යාන්ත්‍රණය තවදුරටත් සම්පූර්ණ කිරීම පිළිබඳ ක්රියාවලියෙහි නිරත විය යුතුය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනයට සක්‍රියව සහභාගි වෙමින් ජාත්‍යන්තර සහයෝගීතා පුළුල් කිරීමට ද පියවර ගත යුතුය. විශේෂයෙන් ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ නව ක්‍රමවේද හඳුන්වා දෙමින් චීනයේ ආයෝජනය සඳහා විදේශ ව්‍යාපාර දිරිමත් කිරීම ද වැදගත් වනු ඇත. එමෙන්ම දියුණු නිෂ්පාදන කර්මාන්තයේ පදනම සහතික කරමින් කර්මාන්තවල උසස් සංවර්ධනය, හරිතකරණය, ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාමට උත්සාහ දැරිය යුතුය. එසේම ඩිජිටල් කර්මාන්තය හා අනාගත කර්මාන්ත තවදුරටත් ගොඩනගමින් විවිධ ප්‍රදේශවල තත්ත්වයට අනුකූල වන සේ නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමට ජාතික ආර්ථික තාක්ෂණික සංවර්ධන කලාප ක්‍රියා කළ යුතු බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දී තිබේ.