තේ කර්මාන්තයේ ගැටලු විසඳීමට රජයේ අවධානය
2024-10-20 16:02:09
Share with:
සිලෝන් ටී වෙළඳ නාමය තවදුරටත් ලොව පුරා ප්‍රවර්ධනය කරමින් තේ කර්මාන්තයේ පවතින ගැටලු ද විසඳීමට රජය මැදිහත්වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා තේ කර්මාන්ත හිමියන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. මෙම උත්සවයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාස්කු වාර්තාව පිළිබඳ පරීක්ෂණ සිදුකර නියමිත ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බවයි.