2024 මූල්‍ය වර්ෂයේ ඇමරිකාවේ අයවැය හිඟය ඉහළට
2024-10-19 15:24:25
Share with:
2024 මූල්‍ය වර්ෂයේදී ඇමරිකානු අයවැය හිඟය ඩොලර් ට්‍රිලියන 1.833 ක් දක්වා ළඟා වී ඇත.
ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඊයේ (18) නිකුත් කළ 2024 මූල්‍ය වර්ෂයේ අයවැය හිඟය පිළිබඳ වාර්තාවෙන් මේ බව අනාවරණය කෙරේ. එය පසුගිය 2023 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව සියයට 8 කින් වැඩි වී තිබේ.
ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ෆෙඩරල් ණය පොලී ප්‍රථම වරට ඩොලර් ට්‍රිලියනය ඉක්මවා ගොස් ඇති අතර එහි වියදම් ප්‍රධාන වශයෙන් සමාජ ආරක්ෂාව, සෞඛ්‍ය සේවා සහ යුද ක්ෂේත්‍රවලට යොමු කර ඇති බවයි.