රුසියානු තානාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024-10-19 17:07:27
Share with:
රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryan මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුවිණ. ඒ ඊයේ(18) ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී ය.
එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුව තිබුණේ, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වැඩිදියුණු කිරීම පිළිබඳව ය.
රුසියානු ආරක්ෂක උපදේශක කර්නල් Sergey Belyankin සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.