මෑතකදී චීන රජය විසින් හඳුන්වා දුන් වර්ධනීය ප්‍රතිපත්ති සහිත පැකේජය වෙත විදේශ ව්‍යවසායන් හා මාධ්‍ය ආයතන වැඩි අවධානයක් යොමු කර ඇත. අදාළ ප්‍රතිපත්ති පැකේජය චීන ආර්ථිකය නව මට්ටමකට ඉහළ නංවා ගැනීම සඳහා නව ශක්තියක් වනු ඇති බව ඔවුහු ප්‍රකාශ කළහ. ඊයේ(18) චීනය විසින් නිකුත් කරන ලද මෙම වසරේ මුල් කාර්තු තුනෙහි චීන ආර්ථික ක්‍රියාකාරීත්ව දත්තවලින් බාහිර ලෝකය චීනයට දක්වන සක්‍රීය අපේක්ෂාව පිළිබිඹු විය.
මේ වසරේ සිට විවිධ බලපෑම්වලට මුහුණ දුන්න ද චීන ආර්ථිකයේ ප්‍රතිපත්තිමය ප්‍රතිඵල අඛණ්ඩව පෙන්නුම් කර තිබේ. චීන ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රධාන දර්ශකවලින් ධනාත්මක තත්ත්වයන් වාර්තා වේ. එහි ස්ථාවර ප්‍රවණතාව මෙන්ම, ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව හා සැඟවුණු වර්ධන හැකියාව ද පෙන්නුම් කර තිබේ.
ආර්ථික වර්ධනය, රැකියා නියුක්තිය, උද්ධමනය මෙන්ම ජාත්‍යන්තර ආදායම හා අයවැය යන සාර්ව ආර්ථික දර්ශක හතර පිළිබඳ සලකා බැලුවහොත් චීන ආර්ථික ක්‍රියාකාරීත්වය තවමත් ස්ථාවර මට්ටමක පවතින අතර ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ද අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් පවතී. වෙළඳපොල අඛණ්ඩව ප්‍රාණවත් වෙමින් පවතින අතර එහි ඉදිරි අපේක්ෂාවන් ද ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කරයි.
මෙබඳු විපර්යාසයන්, විදේශ ව්‍යවසායන් චීනයේදී සිදු කරන ක්‍රියාවන් මගින් ද පිළිබිඹු විය හැකිය. විශාල වෙළඳපොලක් හිමි චීනයට ප්‍රවේශ වීමට මෙන්ම ඒ සමග සම්බන්ධ වීමට ද වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි ඔවුන්ගේ අවබෝධය වී තිබේ. පුළුල්ව පවත්නා සහයෝගීතා මගින් චීන වෙළඳපොල සමස්ත ලෝකයටම පොදුවේ ප්‍රතිලාභ ලබා දිය හැකි විශාල වෙළඳපොලක් බවට පත් විය හැකි බව ද ඔවුන්ගේ අදහස වී ඇත.
පෙරට වඩා සංකීර්ණ බාහිර පරිසරය හමුවේ චීන ආර්ථික පුනර්ජීවනයේ පදනම තවදුරටත් තහවුරු කිරීමේ අවශ්‍යතාව කැපී පෙනේ.එහෙත් එහි දිගුකාලීන ධනාත්මක ප්‍රවණතාව වෙනස් නොවනු ඇත. මේ වසරේ මුල් කාර්තු තුනේ චීන ආර්ථික වර්ධනය, වසරේ ආර්ථික වර්ධනය සඳහා ස්ථිර පදනමක් ගොඩනගා ඇත. ප්‍රතිපත්තිමය ඵලදායිතාව සමග ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සඳහා වන වාසිදායක කොන්දේසි අඛණ්ඩව පුළුල් වනු ඇත. අපේක්ෂිත සියයට 5ක වාර්ෂික ආර්ථික වර්ධන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට චීනය විශ්වාසයෙන් යුතුව කටයුතු කරමින් සිටී. එම ක්‍රියාවලියේ දී සමස්ත ලෝකය චීනය සමග එක්ව පොදු ජයග්‍රහණ ලබා ගනු ඇතැයි විශ්වාස කෙරේ.